nature

nature
nature

Monday, February 6, 2012

සිහල දේශයේ නැති ඇමරිකාවේ ඇති එළිපිට ආගමික දේශපාලනය

පශ්චාත් නූතන ලෙස ඇතැමුන් සිතන ඇමරිකානු ජනගහණයෙන් තුනෙන් එකක්‌ බයිබලය සත්‍ය ඉතිහාසයක්‌ ලෙස ද එම ජනගහණයෙන් අඩක්‌ පමණ පසුගිය වසර 10000 තරම් මෑත අතීතයක දී දෙවියන් වහන්සේ විසින් මිනිස්‌වග මැවූ බව ද පිළිගනිති. බුෂ් තම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ ක්‍රිස්‌තියානි ඉවැන්ජලික ආගමික කණ්‌ඩායම්වල පූර්ණ අනුග්‍රහය ඇති ව බව ද විවාදාපන්න නොවේ. ඇමරිකානුවන් අතරින් සියයට 78.9 පමණ තමන් ක්‍රිස්‌තියානු ලෙස පිළිගන්නා අතර එය තම ‘ජීවිතයේ ඉතා වැදගත්’ අංශයක්‌ ලෙස ද සලකති.
2012 ජනාධිපතිවරණය තරගයේ මූලික වටය දැන් ආරම්භ වී තිබීමත් සමගම දැන් නැවතත් කරලියට පැමිණ ඇත්තේ මේ මොහොතේ ඇමරිකාව මුහුණ දෙන දරුණුම ගණයේ පැවැත්ම පිළිබඳ තර්ජනය හෝ ආසියාවේ නැඟී එමින් තිබෙන නව සුපිරිබලය පිළිබඳ ගැටලු නොවේ. එහෙත් ආගමික ගෝත්‍රවාදයයි.

ඒ අනුව බලන ලෝකයට සුපිරි ඇමරිකාවේ එහෙමනම් මෙසිරිලක නායකයා උපතින්ම සිහල බෞද්ධයකු විය යුතු බව මාගේ හැගීමයි. එමෙන්ම බෞද්ධාගමට රටේ නීතියෙන්ම, ආන්ඩුක්‍රම විවස්ථාවෙන්ම ප්‍රමුකත්වය ලැබිය යුතුයි. ලොව අනෙක් සියළුම රටවල ප්‍රමුක ආගම මූලික කොට ගෙනෙ රටේ නායකයා තෝරන විට මෙහි උපතිම බෞද්ධ නායකයිn බෞද්ධකම ගැන කතා කිරීමටත් බිය වෙති.
මේ රටේ බුදු දහම නිසා සිහල ජාතිය රැකී ඇතිවා මෙන්ම එය නොමැති දවසක සිහල ජාතියේ අවසානය උදාවේ. එවිට මෙසිරිලක ඉතිරිවන්නේ ඉස්ලාම් හා කතෝලිකයන් අතර ආගම්වාදී ගැටුම් සහිත දිවයිනක් පමනි. එසේ නොවේවායි මා පතමි.

උපුටා ගැනීම් දිවයින